Steering Wheel එක අතට ගනිමු

මම සෑහෙන කාලයක් කල්පනා කර කර හිටියා මොකක්ද ලියන්නේ කියලා. අන්තිමේදී නිකම්ම ලියන්න ගත්තා. මොකද මගේ අත්දැකීම අනුව Ideas එන්නේ වැඩේ පටන් ගන්න කලින් නෙවෙයි, වැඩේ පටන් ගත්තට පස්සේ.
පහුගිය මාස ටිකේම මම සද්ද නැතුව හිටියේ ඇයි කියලා කවුරුහරි හිතනවා නම්, ඒකට උත්තරේ හරිම සරලයි: මම ඒකට Priority එකක් දුන්නේ නැහැ. මම හැමතිස්සෙම මටම කියාගත්ත දෙයක් තමයි Writing සහ Journaling කියන්නේ තමන්ගේ ජීවිතේ Steering Wheel එක තමන්ගේ අතට ගන්න තියෙන හොඳම විදිහ කියලා. ඔබ ලියනකොට ඔබට පේනවා ඔබ කරන දේවල් වලින් කීයක් ඔබ ඇත්තටම තෝරාගත්ත ඒවද, කීයක් වෙන කෙනෙක් ඔබ ලෙවල් එකේ නැති වෙලාවක "quietly choose" කරපු ඒවද කියලා.
ලියන එකෙන් වෙන්නේ අපේ ජීවිතේ Genuine දේවල් සහ අනුන්ගෙන් කොපි කරපු Borrowed දේවල් අතර තියෙන වෙනස අඳුරගන්න එක. එක තැනක හිරවෙලා ඉන්න වෙලාවක ලියන එක අපෙන් එක ප්‍රශ්නයක් අහනවා: "ඇත්තටම ඔයා මේ ජීවත් වෙන්නේ කාගේ ජීවිතේද?"
මොළය "Clean API" එකක් කරගමු
හිතන්නකෝ මෙහෙම. අපිට ඕන කරන දේවල්, අපේ Values, නිකම්ම ඔලුවට Hard-code කරන්න බැහැ. ලෝකය හරිම සද්ද වැඩියි. හැමතිස්සෙම මොකක් හරි Distraction එකක්. යමක් ලියන්න හදනකොටම තව මොකක් හරි එකක් ඇවිත් අපිව ඒකෙන් ඈත් කරනවා.
හැබැයි ලියනකොට අපේ හිත හරියට පිළිවෙලට හදපු File එකක් වගේ වෙනවා. ඕන වෙලාවක Search කරන්න පුළුවන්. Retrieve කරන්න ලේසියි. හරියට Clean API එකක් වගේ. Fast Response.
එහෙම දැනගෙනත් මම ඇයි මෙච්චර කල් නොලියා හිටියේ? මටත් සාධාරණ හේතු (Excuses) තිබුණා. හැබැයි ඒ හැම එකක්ම මටම ලැජ්ජා හිතෙන පොඩි එකතුවක් විතරයි.
Roommate ගෙන් ලැබුණු "Shock" එක
සති කිහිපයකට කලින් මගේ Roommate මගෙන් හරිම සරල ප්‍රශ්නයක් ඇහුවා. එයා හිටියේ ලොකු Academic Anxiety එකක. ඉංග්‍රීසි ගැන බයයි, Grade ගැන බයයි. එයා ඇහුවා "මචං, උඹ මගේ තැන හිටියා නම් මොකද කරන්නේ?" කියලා. මම තත්පරයක්වත් හිතන්නේ නැතුව කිව්වා "Tutorials බලපන්, නොන්ස්ටොප් Practice කරපන්" කියලා.
ඒ වෙලාවේ මට එකපාරටම ලොකු Shock එකක් ආවා. මම අනුන්ට උපදෙස් දුන්නට, මම අලුත් දෙයක් ඉගෙනගෙන මාස ගාණක්!
මම මටම ආදරේ කරපු දේ මගෙන් ගිලිහිලා ගිහින්. ඒක පරාජයක් නෙවෙයි, ඒක Neglect කිරීමක්. මම කාර් එකේ Steering wheel එකෙන් අත ඇරලා, ඒක යන ඕනම දිහාවක යන්න දීලා බලන් හිටියා. ලියන්නේ නැති එකේ තියෙන භයානකකම ඒකයි. ඒක එකපාර Crash වෙන්නේ නැහැ. Alarm ගහන්නේ නැහැ. හැබැයි දවසක Roommate කෙනෙක් මොකක් හරි ඇහුවම තමයි තේරෙන්නේ, අපි අනුන්ට පාර කියන්නේ අපි අවුරුදු ගාණකින් ගියේ නැති පරණ ටවුන් එකකට කියලා.
මාලඹේ සිට පල්ලෙකැලේට
මම ගොඩක් දේවල් අතඇරලා ආවා. Job එක, මාලඹේ Campus එක... ඒ හැමදේම ඉවර කරලා මම ආවේ SLIIT KandyUni (Pallekele) එකට.
ඇත්තටම මේක හරිම ලස්සනයි. පල්ලෙකැලේට මුලින්ම පය තියද්දී මට ලොකු ආඩම්බරයක් දැනුණා. ඒක මගේ දක්ෂතාවයක් නෙවෙයි, ඒ පරිසරයේ තියෙන අමුතුම Vibe එක.
හැබැයි නුවර හැටි මට එන්න කලින්ම දැනගන්න ලැබුණා. මම Support service එකට කෝල් කරලා ඉංග්‍රීසියෙන් කතා කරපු ගමන් මුලින්ම කලේ Phone එක cut කරපු එක. Right. Message received. ---
Colombo vs Kandy: මගේ Perspective එක
කොළඹ මාව වට්ටන්න හැදුවා. Relationships, Work, Money... මේ ඔක්කොම එකතු වුණාම ඒක මහ බරක්. පැය 12 වැඩ, පැය 4ක් පාරේ. හැමෝම කිව්වේ එකම දෙයයි: "කෙසරු, ඔයා තේරුම් ගන්න ඕනේ..."
හැබැයි කොළඹ මිනිස්සුන්ගේ එක ගතියක් තියෙනවා. ඒ කලබලය අස්සේ වුණත් ඔවුන් ගාව මොකක් හරි Forward Momentum එකක් තියෙනවා. අලුත් දෙයක් කරන්න ඕන කියන ඒ ගැම්ම තියෙනවා.
නුවරට ආවම ඔක්කොම Level Down වුණා. හරිම Cool. මිනිස්සු Relax. කොළඹදී තිබුණ ඒ අසහනය හීනයක් වගේ හීන්සීරුවේ මග ඇරිලා ගියා. ඒක මට ඒ වෙලාවේ අත්‍යවශ්‍ය වෙලා තිබුණ දෙයක්.
මම දැක්ක "නුවර" සහ "අඩුව"
මම නුවරදී දැක්ක එක දෙයක් තියෙනවා. ගොඩක් ළමයි මේ Academic Machine එක ඇතුලේ අතරමං වෙලා. ඔවුන්ට English කියන්නේ දොරක් නෙවෙයි, පනින්න බැරි ලොකු තාප්පයක්. ඔවුන් Lecture යන්නේ කුතුහලයට නෙවෙයි, "කරගන්න දෙයක් නැති නිසා."
කොළඹ මිනිස්සුත් ඉගෙනගන්න මාර විදිහට ආදරේ නෑ තමයි. හැැබැයි කොළඹ මිනිස්සු මොකකට හරි ආදරේ කරනවා. මොකක් හරි Passion එකක් තියෙනවා. නුවරදී මම දැක්කේ ඒ තමන්ගේම කතාවක් ලියන්න තියෙන උනන්දුව ගොඩක් අයගෙන් ගිලිහිලා ගිහින් කියලා.
හැබැයි ඒ අස්සේ මට සෙට් වුණා නියම Geeks ලා ටිකක්.
- Thathsilu: මම දැකපු සුපිරිම Creative ඇහැක් තියෙන මනුස්සයෙක්. එයා Screen එකක් දිහා බලලා දකින්නේ Design එකක් නෙවෙයි, ඒකෙන් එන Feeling එකක්.
- Javeen: වැඩ සම්බන්ධයෙන් මම වගේම තවත් කෙනෙක්. එයාට පිටින් Motivation ඕන නැහැ, වැඩේමයි එයාගේ Motivation එක.
අපි තුන්දෙනා එකතු වෙලා Sobersided (sobersided.com) පටන් ගත්තා. ඒ ගැන පස්සේ කියන්නම්.
මට කොළඹ මතක් වෙනවද?
නැහැ. හැබැයි මට පොඩි බයක් තියෙනවා. මේ නිස්කලංක පරිසරයට හුරු වෙලා මම Competitive World එකෙන් අයින් වෙයිද කියලා. ඒක නිසා මම හැමදාම පොත් කියවනවා, අලුත් දේවල් හොයනවා. මට ඕන මේ නිශ්ශබ්දතාවය අස්සේ මම "Stagnate" නොවී ඉන්න.
අන්තිමට මට තේරුණු දේ මේකයි: ප්‍රශ්නය තියෙන්නේ නිශ්ශබ්දතාවයේ නෙවෙයි, අපේ අවබෝධය නැති එකේ. ලියන එක තමයි මම දන්න එකම විදිහ ඇහැරිලා ඉන්න. ආයෙත් කාර් එකේ ඩ්‍රයිවර් සීට් එකට ඇවිත් වාඩි වෙන්න. වාඩි වෙලා මම මගෙන්ම අහනවා: "දැන් මේ ගත කරන්නේ ඇත්තටම මගේම ජීවිතේද?"
මම නුවරට ආදරෙයි. හැබැයි ඒ ලස්සන අස්සේ මාව නැති කරගන්නේ නැතුව ඉන්න මම තාම ඉගෙන ගන්නවා.
~ කෙසරු
අපේ ජීවිතේ ඇතුළේ අපිම අතරමං නොවී ඉන්න එක තමයි ලෝකේ තියෙන අමාරුම කලාව.
Enjoyed this article?
Subscribe for new chronicles. No spam — just the good stuff.
Join the WhatsApp Channel
Get updates & new posts straight to your WhatsApp. No spam.
Comments
You Might Also Like

Science and History of Christmas
Christmas, originally a winter survival festival celebrating the return of light, has been adapted globally, including in tropical regions like Sri Lanka, where it feels out of place. The celebration's roots lie in ancient traditions like Saturnalia and Yule, which were rebranded by Christians. Colonization brought these traditions to Sri Lanka, where they were adopted despite the local climate. Unlike colder regions, Sri Lankans do not need a winter festival for emotional well-being, focusing instead on their own significant celebrations like Avurudu in April. Ultimately, while the science may not align with the local context, the social aspect of gathering and celebrating remains valuable.

Lost, Lonely, and Building My Way Out: A Manifesto for Creators
A personal reflection on feeling lost, seeking the company of passionate builders ("Galileos"), and rediscovering the joy of creating for the sake of the process itself.