පියාඹන සූකරයින්

මේක ඇත්තටම මගේම website එකක්. මම මේක පටන් ගත්තේ ඊයේ. ඒත් මට අමුතු ආසාවක්—නෑ, පිස්සුවක් හැදිලා තියෙනවා හැමදාම මොනවා හරි ලියලා මෙතන post කරන්න. නිකන්ම නෙවෙයි, Consistency එක තියාගන්න. (අනික, මම ලියන්න දක්ෂයි කියලා මම දන්නවා). ඉතින් අද මම ලියන්නේ මගේ Company එක ගැන නෙවෙයි. මේ මගේ කතාව. මම විශ්වාස කරන, සමහර අයට ටිකක් "Shocking" වෙන්න පුළුවන් ඇත්තක් ගැන.
The "Social Butterfly" Problem
මුල ඉඳන්ම ගමු. මම කවදාවත් අර පන්තියේ හැමෝම එක්ක හිනාවෙලා ඉන්න "Social Butterfly" Type එකේ ළමයෙක් නෙවෙයි. මට මිනිස්සු එක්ක ගනුදෙනු කරන එක... ටිකක් අවුල්. කෙලින්ම කියනවා නම්, මිනිස්සුන්ගේ "Small Talk" කියන currency එක මට දිරවන්නේ නෑ.
"Dinner එකට මොනවද කෑවේ?"
"මොකද කරන්නෙ"
"බලහන්කො වැස්ස?"
මේ වගේ කතා මට අල්ලලා ගියේ නෑ. Result එක? මම "Socially Adapted" ළමයෙක් වුණේ නෑ. මගේ ලෝකේ තිබුණේ පොත් සහ ලිවීම විතරයි.
තාත්තා කිව්වේ "මූ ඉන්නේ Fantasy World එකක" කියලා. ඒක අහිංසක විවේචනයක්. ඒත් මම ඒකට විරුද්ධයි. මට හිතෙන්නේ Fantasy එකක ජීවත් වෙන්නේ අනිත් මිනිස්සු.
පොඩ්ඩක් හිතන්න. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කවුරු හරි ගහපු ඉරි උඩ. කවුරු හරි "කරන්න" කියපු දේවල් විතරයි කරන්නේ. එයාලට ඇත්ත සහ බොරුව වෙන් කරගන්න බෑ. Fiction සහ Science පටලව ගන්නවා. කට කහනවට කියන බොරුවක්, ඇත්තට වඩා Interesting නම් එයාලා ඒක පිළිගන්නවා.
Halo Effect එක නිසා, ප්‍රසිද්ධ මනුස්සයෙක් මොන බොරුව කිව්වත් එයාලා ඒක අදහනවා. නැති ප්‍රශ්න මවාගෙන මරාගන්නවා.
මගේ ලෝකේ එහෙම නෑ. මම හැම Possibility එකකටම Open. මට ඕන වුණේ ඉතිහාසයේ ඇත්තටම මොකද වුණේ කියලා දැනගන්න. හැබැයි මට තේරුණා මම මේ හොයන ජාතියේ මිනිස්සු, මම ජීවත් වුණ දියුණු වෙමින් පවතින රටේ (ඒකෙත් නගරේ නෙවෙයිනේ මම හිටියේ), හොයාගන්න නෑ කියලා.
So I kept reading, and reading
අහන දකින හැමදේම පිළිගත්තේ නැති වුණාට, මම ඒවා Acknowledge කළා. මම හිතුවේ මම මාර විදියට පොත් කියවපු පොරක් කියලා... හැබැයි ඊට වඩා පොත් කියවපු මිනිස්සු හම්බුණාම මම නිහතමානී වුණා.
The Pit
මම Sports වලට අන්තිමයි. පොඩි කාලෙත් හතිය්තිබුණ නිසා වැඩිපුර හිටියේ ලෙඩ වෙලා. මගේ Primary School එක තිබුණේ Army Camp එකක් ඇතුලේ. ඒක මාරම ලස්සන, කොළ පාට පිරුණු තැනක්. ඒකේ තිබුණ යෝධ ගස්—වර්ගය මතක නෑ, හැබැයි මැද්දේ කොස් ගස් (Jack trees) තිබුණා කියලා මතකයි. අම්මයි තාත්තයි මුලින්ම ඉස්කෝලේ බලන්න ගිය දවසේ "ඉස්කෝලෙට කැමතිද?" කියලා ඇහුවම මම ඔළුව වැනුවේ අර ගස් නිසා ලැබුණ "Cooling Chilliness" එකට ආසාවෙන්.
හැබැයි Grade 2 වලදී අලුත් Principal කෙනෙක් ආවා (Lady කෙනෙක්). එයාට ඕන වුණා Office එක ඉස්සරහා Assembly Ground එකක් හදන්න.
දවසක් බලද්දී... අර යෝධ ගස් ඔක්කොම බිම. Backhoe දාලා ගලවලා දාලා. ගස් 15ක් විතර.
මට දුක හිතුණා. හැබැයි දුකට වඩා මට අමුතු කෘතුහලයක් ආවා. මම කවදාවත් යෝධ ගහක මුල් එළියට ඇවිත් තියෙනවා දැකලා නෑනේ. මම ගියා මේක ළඟටම ගිහින් බලන්න.
විනාඩි පහක් විතර යද්දි, මම මුල් දිහා බලන් ඉඳිද්දීම සේරම කළුවර වුණා. කවුරු හරි මාව අර ගස් ගලවපු වළකට තල්ලු කරලා! ඒක මට වඩා ගොඩක් ගැඹුරුයි. Interval එකේ සද්දේ නිසා මම කෑ ගැහුවට වැඩක් වුණේ නෑ. මාත් ඉතින් එහෙමම ඉඳගෙන හිටිය, මොනා කරන්නද.
පස්සෙ මට මතක විදියට මාව එළියට ගත්තේ, මගේ යාලුවා, Malindu.
The Birth of "The Pig"
මම පන්තියට යද්දී Uniform එක පුරාම මඩ. Teacher (එයා පෙන්ෂන් යන්න ළඟයි) මාව දැකලා කිව්වා ඇඳුම් මාරු කරන් එන්න කියලා. වෙන Aunty කෙනෙක් මට ඇඳුම් දුන්නා. හැබැයි එදා දවල් Teacher මුළු පන්තියටම දේශනාවක් දුන්නා.
මාතෘකාව: ඌරෝ කොච්චර ජරා සත්තුද?
ඌරෝ මඩ කනවා, ජරා සත්තු... බෞද්ධ ඉස්කෝලයක් නිසා ඌරු මස් කන එකත් එපා කිව්වා. අන්තිමට, හොඳටම නරක උදාහරණයක් විදියට එයා පෙන්නුවේ මාව.
"අන්න අරූ වගේ. ඌරෙක් වගේ."
එදා ඉඳන් මම ඌර උනා.
හැබැයි Teacher ගේ කතාවට මම එකඟ නෑ. මම අහලා තිබුණා විද්‍යාත්මකව (Organs, Skin, Muscles ගත්තම) මිනිස්සුයි ඌරොයි මාර සමානයි කියලා. Cannibals ලගේ records වලට අනුව (ඔව්, මම කියවපු දේවල් ටිකක් අමුතුයි තමයි) මිනිස් මස් වල රසත් ඌරු මස් වගේමලු.
විශේෂම දේ තමයි, මනුශ්‍ය නොවන හැම්සතාටම වගේම, ඌරන්ට ඌ තියෙන Spiritual Freedom එක. සමාජේ බොරු රූප රාමු නෑ. පැය කිහිපයකින් Oven එකකට යන්න නියමිත වුණත්, ඌ ඒ මොහොතේ මඩේ ආතල් එකේ ඉන්නවා.
ඉතින් යාලුවෝ මට "Pig" කියද්දී, මම ඒක බාරගත්තා. මට යම්කිසි හැකියාවක් තියෙනව identity එකක් ලේසියෙන්ම embrace කරගන්න. (ඒක පහු කාලීනව ගොඩක් වැදගත් වෙලා තියේ) මට ප්‍රශ්නයක් ආවම මම හැමතිස්සෙම හිතුවා "What would the pig do?", “මම ඌරෙක් උනානන්, මම මොකක් කරයිද”, කියලා.
මගේ යාලුවෙක්, Hansini මට මතක විදිහට, දවසක් ඇහුවා "ඔයාට සතෙක් වෙන්න පුළුවන් නම් කවුද වෙන්නේ?" කියලා.
මගෙ උත්තරේ උනේ ඌරා.
(ඇත්තටම මගේ කැමතිම සතා Kangaroo, ඊටත් වඩා කැමතිම සතා Blue Whale. මට Pet කෙනෙක් ඕන නම් මම ගන්නේ Blue Whale කෙනෙක්. ඒත් එදා උත්තරේ වුණේ ඌරා).
Identity සහ Funny Boy
ලොකු වෙද්දී මට තේරුණා මම දේවල් දකින්නේ අනිත් අයට වඩා වෙනස් විදියට කියලා. Society එක "Beautiful" හරි "Sexy" හරි කියලා දාගත්ත සම්මතයන් මට අදාළ නෑ. මම ඒකට Label ගැහුවේ නෑ. මම කැමති මගෙ identity එක මගෙ විදිහටම , accept කරන්න. මම කෙසරු
මගේ නම ගැන ටිකක් ආඩම්බරයි. තාත්තා තමයි නම දැම්මෙ, එයා අරන් තියෙන්නෙ "සැළලිහිණි සන්දේශය" (The Starling's Message) පොතෙන්. අවුරුදු 20ක් වෙලත් මම තාම මගේ නම තියෙන වෙන කෙනෙක් දැකලා නෑ. කවුරු හරි හිටියත්, එයාට ඒ නම දාන්න ඇත්තේ මම නිසා වෙන්න ඇති 😌.
මේ ගමනේදී තමයි මට Shyam Selvadurai ගේ Funny Boy පොත හම්බෙන්නේ. ඒකේ පළවෙනි Chapter එකේ නම 'Pigs Can't Fly'. ඒකේ අර්ජි අහනවා "ඇයි මට වෙනස් වෙන්න බැරි?" කියලා. අම්මා දෙන උත්තරේ තමයි:
"Because the sky is so high and pigs can’t fly.
මේ Quote එක මගේ ඔළුවේ හිටියා.
පොඩ්ඩක් හිතුවොත්, මීට අවුරුදු දාහකට කලින්, පියාඹන සීන් එක ගත්තම මනුස්සයයි ඌරයි අතර වෙනසක් තිබුණද? නෑ. අපි කාටවත් පියාඹන්න බෑ. Technically, අපිත් ඌරෝ වගේම තමයි.
හැබැයි සමහර "Human Pigs" ලා හිටියා. උන් විශ්වාස කළේ නෑ අහස එච්චර උසයි කියලා. උන් විශ්වාස කළා. කොච්චර තදින් විශ්වාස කළාද කියනවා නම්, ඒක ඇත්තක් වුණා.
Human pigs began to fly.
අපි මහතද, ආගම, ජාතිය, වර්නය මොකක්ද කියන එක අදාළ නෑ. අහස බාධකයක් නෙවෙයි කියලා හිතපු ඌරෝ නිසා අපි අද Horizon එකෙනුත් එහාට ගියා. Physics කියන විශ්වයේ නීති ඇරෙන්න, මිනිස්සු හදාගත්ත "Noise" එක අයින් කරපු මිනිස්සු තමයි මේ ලෝකේ හැදුවේ.
ඒ නිසා මම කියන්නේ මෙච්චරයි. ඔයාලත් ඔයාලගේ ඇතුලේ ඉන්න "Pig" ව හොයාගන්න. මේ බොරු Society එකේ නීති (Man-made rules) වලට බය වෙන්න එපා. ඒවා කඩලා දාන්න. ඔයා වෙන්න පුළුවන් ඊළඟට Horizon එක බිඳින කෙනා.
Conclusion: අහස උස නෑ
Pigs Can Fly. මම විහිළුවක් නෙවෙයි කරන්නේ. මේක තමයි Human Spirit එකේ ඇත්තම කතාව. අපේ Progress එකේ එන්ජිම ඒකයි. අහස තියෙනවා කියලා විශ්වාස කරනවා වගේම, මේකත් විශ්වාස කරන්න. එතකොට... හැමදේම පුළුවන්.
Sky is not that high, pigs can fly' — Courtesy to Shyam Selvadurai, Funny Boy. අහස උසට පෙනුනට, පියාඹන්න තටු නැති වුණාට, පොළවෙන් අඟලක් හරි උඩට යන්න හිතන එකම සතා "මනුස්සයා" විතරමයි—ඉතින් මිත්‍රයා, ඔබේ තටු හොයාගන්න
Enjoyed this article?
Subscribe for new chronicles. No spam — just the good stuff.
Join the WhatsApp Channel
Get updates & new posts straight to your WhatsApp. No spam.
Comments
You Might Also Like

The Steering Wheel
Writing helps you see, with startling clarity, which things you are doing because you choose to, and which things you are doing because someone else, somewhere, quietly chose for you. It catches you, mid-drift, and asks the rather important question:

Science and History of Christmas
Christmas, originally a winter survival festival celebrating the return of light, has been adapted globally, including in tropical regions like Sri Lanka, where it feels out of place. The celebration's roots lie in ancient traditions like Saturnalia and Yule, which were rebranded by Christians. Colonization brought these traditions to Sri Lanka, where they were adopted despite the local climate. Unlike colder regions, Sri Lankans do not need a winter festival for emotional well-being, focusing instead on their own significant celebrations like Avurudu in April. Ultimately, while the science may not align with the local context, the social aspect of gathering and celebrating remains valuable.

Lost, Lonely, and Building My Way Out: A Manifesto for Creators
A personal reflection on feeling lost, seeking the company of passionate builders ("Galileos"), and rediscovering the joy of creating for the sake of the process itself.