Science and History of Christmas

By Kesaru
අපි කතාව පටන් ගමු පොඩි Flashback එකකින්. මම මේ කියන්නේ මගේ පොඩි කාලේ ගැන. හැබැයි මේක ඔයාගේ කතාව වෙන්නත් පුළුවන්.
මම ඉන්නේ TV එක ඉස්සරහ. දින දර්ශනය පෙන්නන්නේ දෙසැම්බර් මාසේ කියලා. හැබැයි එළියේ? ගස් හෙලවෙන්නේ නෑ. හුළං පොදක් නෑ. දවල් දොළහට වහලෙන් බහින රස්නයට ගේ ඇතුලේ ෆෑන් එක 5ට දැම්මත් ඇඟට දැනෙන්නේ නිකන් උණු හුළඟක් විතරයි. ඇඟ පුරාම දාඩිය.
හැබැයි මම බලන් ඉන්න TV Screen එකේ ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස්.
එතන තියෙන්නේ Blizzard එකක්. හිම කුණාටුවක්. Screen එකේ ඉන්න මිනිස්සු ලොම් කෝට් (Wool coats) තුන හතරක් ඇඳගෙන, අත් දෙක එකට අතුල්ල අතුල්ල, කටින් දුම දාගෙන ගිනි මැලයක් ඉස්සරහට වෙලා ඉන්නවා. ඒ මදිවට මහත මනුස්සයෙක් රතු පාට ඇඳුමක් ඇඳගෙන, සත්තු බැඳපු කරත්තයකින් ඇවිත් චිම්නි එකකින් ගෙදරට පැනලා තෑගි තියලා යනවා.
මම TV එක දිහා බලලා, වටපිට බලලා අපේ ගෙදර වහලේ දිහා බලනවා.
"අපේ ගෙදරට චිම්නි නෑනේ යකෝ."
දැන් මේ Santa ට අපේ ගෙදරට එන්න ඕන නම්, මිනිහට Options දෙකයි තියෙන්නේ. එක්කෝ වහලේ උළු කැට ටික ගලවගෙන වහලෙන් බහින්න ඕන. එහෙම නැත්නම් ගේට්ටුවේ ඉබි යතුර කඩලා, බල්ලටත් පාන් කෑල්ලක් දීලා ශේප් කරගෙන ගේ ඇතුලට එන්න ඕන.
Colombo 07 වල ඉන්න "High-class crowd" එකට, එහෙම නැත්නම් පාරම්පරික ක්‍රිස්තියානි පවුල් වලට ඇරෙන්න, ලංකාවේ බහුතරයක් කොල්ලන්ට කෙල්ලන්ට මේ Christmas සීන් එක දැනුනේ හරියට වෙන ග්‍රහලෝකයක ඉඳන් එවන සිග්නල් එකක් වගේ.
අපිට හිම නෑ. Reindeer ලා නෑ. සීතලක් ඇත්තේම නෑ.
ඉතින් අපි කළේ මොකද්ද? අපි කළේ නිකන් අනුන්ගේ පාටියක, අනුන්ගේ සින්දුවකට නටපු එක විතරයි. අපි 25 වෙනිදා කාටුන් බැලුවා. සමහරවිට සිරිපාදේ ගියා. නැත්නම් අනුරාධපුරේ ගියා. මොකද රටම නිවාඩුනේ. හැබැයි ඇත්තටම බැලුවොත්, අපි කළේ "Cultural Mimicry" එකක්. ඒ කියන්නේ අපේ නොවන සංස්කෘතියක් නිකන්ම "Copy-Paste" කරගත්ත එක.
මට මේක පොඩි කාලේ ඉඳන්ම අවුල්. මම කොහොමත් දේවල් වලට හේතු හොයන මනුස්සයෙක්නේ. මට දැනගන්න ඕන වුණා, ඇයි මුළු ලෝකයක්ම දෙසැම්බර් අන්තිමට නතර වෙන්නේ කියලා. ඇයි මේ Shopping Malls ඇතුලේ ප්ලාස්ටික් පයින් ගස් (Pine Trees) හිටවන්නේ එළියේ ගිනි රස්නය තියෙද්දී? මේක නිකන්ම ආගමික උත්සවයක්ද? නැත්නම් Happy Birthday පාටියක්ද?
නෑ. මම මේක හාරලා බැලුවා.
මේකේ ඇත්ත කතාව තියෙන්නේ බයිබල් එකේ නෙවෙයි. මේකේ ඇත්ත කතාව තියෙන්නේ අභ්‍යවකාශයේ. Astronomy සහ Biology අතර තියෙන Connection එකේ.
01. The Geometry of Fear (බයේ ජ්‍යාමිතිය)
මේ කතාව තේරුම් ගන්න නම්, අපි යන්න ඕන මීට අවුරුදු දහස් ගානකට කලින් අතීතයට. හැබැයි බෙත්ලෙහෙමට නෙවෙයි, ඊටත් එහා ගිය "Space" එකට.
මෙන්න Physics කෑල්ල. සරලවම කිව්වොත්, අපේ පෘථිවිය අභ්‍යවකාශයේ තියෙන්නේ කෙලින් නෙවෙයි. අපි ඉන්නේ පොඩ්ඩක් ඇල වෙලා. හරියටම කිව්වොත් අංශක 23.5 ක ඇලවීමක් (Axial Tilt) අපේ පෘථිවියේ තියෙනවා.
දැන් හිතන්න මේ ඇලවීම නිසා වෙන දේ. දෙසැම්බර් මාසේ වෙද්දී, පෘථිවිය ඉර වටේ යන ගමනේදී, උතුරු අර්ධගෝලය (Northern Hemisphere) ඉරෙන් උපරිම දුරකට ඇල වෙනවා.
දැන් පොඩ්ඩක් ඇස් පියාගෙන Imagine කරන්න, ක්‍රිස්තු පූර්ව 3000 දී විතර යුරෝපයේ ජීවත් වුණ ගොවියෙක්ව.
මේ මනුස්සයා දන්නේ නෑ පෘථිවිය ගෝලාකාරයි කියලා. මිනිහා දන්නේ නෑ Orbits ගැන. මිනිහා දකින්නේ එක දෙයයි.
දවසින් දවස ඉර එළිය අඩුවෙනවා. රෑ දවස දිග වෙනවා. ගස් කොළන් මැරිලා වැටෙනවා. වතුර මිදෙනවා. මේ මිනිස්සුන්ට මාර බයක් තිබුණා. එයාලා හිතුවා "ඉර අපිට තරහ වෙලා, බඩුත් පැක් කරගෙන යන්න යනවද?" කියලා. ඒ කාලේ විදියට හිතුවොත්, ඉර නැති වෙනවා කියන්නේ "End of the World" එක. මරණය.
මේ බය උපරිම වෙන්නේ දෙසැම්බර් 21 වෙනිදා. ඒකට කියන්නේ Winter Solstice එක කියලා. අවුරුද්දේ කෙටිම දවස සහ දිගම රාත්‍රිය තියෙන්නේ එදාට.
හැබැයි ඊට පහුවදා?
ආශ්චර්යයක් වගේ, ඉර ආපහු එන්න පටන් ගන්නවා. දවස ආපහු ටික ටික දිග වෙන්න ගන්නවා.
අන්න ඒ මොහොත! අන්න ඒ "Hope" එක තමයි මිනිස්සු මුලින්ම Celebrate කළේ. ඒක Birthday Party එකක් නෙවෙයි යාලුවනේ. ඒක Survival Party එකක්. "අපි මැරෙන්නේ නෑ, ඉර ආපහු ආවා!" කියලා මිනිස්සු කෑ ගහලා සතුටු වුණා.
02. The Party Before the Prayer (යාඥාවට කලින් තිබුණ පාටිය)
දැන් ඔයාලා හිතන් ඉන්නවා ඇති නත්තල කියන්නේ පටන් ගැන්මේ ඉඳන්ම හරිම ශාන්ත, දාන්ත, තීන්ත උත්සවයක් කියලා.
පිස්සුද?
නත්තල එන්න සියවස් ගානකට කලින්, රෝමන්කාරයෝ දෙසැම්බර් මාසෙදි ගත්තා පිස්සු ආතල් එකක්. ඒකට කිව්වේ "Saturnalia" කියලා.
මේක නිකන් සතියක් තිස්සේ තියෙන Carnival එකක් වගේ. ඇයි එයාලා එහෙම කළේ? හේතුව Psychology. දෙසැම්බර් වල තිබුණ ඒ මරණීය සීතලයි, අඳුරයි නිසා මිනිස්සු හිටියේ ලොකු Depression එකක. ඉතින් රෝමන්වරු තීරණය කළා, "මේ Weather එක අපිව මරන්න හදනවා නම්, අපි මැරෙන්න කලින් කාලා බීලා ආතල් එකේ ඉන්න ඕන" කියලා. එයාලා කළේ මහා පරිමාණයේ Escapism එකක්.
උතුරේ හිටපු Vikings ලා ගත්තොත්? එයාලට තිබුණා "Yule" කියලා උත්සවයක්. එයාලා කළේ, කැලෙන් ලොකුම ලොකු ගස් කපාගෙන, කොටන් ඇදගෙන ඇවිත් ගෙවල් ඇතුලේ ගිනි තිබ්බා. අද අපි කන "Yule Log" කේක් එකේ මුල එතන. එයාලා කළේ අඳුරට විරුද්ධව ගින්දර පාවිච්චි කරපු එක.
දැන් මෙතනට තමයි ක්‍රිස්තියානි ආගම එන්නේ.
මුල් කාලේ පල්ලියට තේරුණා මේ Pagan Festivals (මිථ්‍යා දෘෂ්ටික උත්සව) මිනිස්සුන්ගෙන් ගලවන්න බෑ කියලා. මිනිස්සු ඒ "Mid-winter Party" එකට ඇබ්බැහි වෙලා හිටියේ.
ඉතින් පල්ලිය ගත්තා මාර Business Decision එකක්. එයාලා තීරණය කළා, මේ තියෙන උත්සවයම "Rebrand" කරන්න.
"Sun God" (සූර්ය දෙවියන්) වෙනුවට "Son of God" (දෙවියන්ගේ පුත්‍රයා) ආදේශ කළා.
මේක හරියට අර පරණ බෝතලේට අලුත් ලේබල් එකක් ගැහුවා වගේ වැඩක්. හැබැයි වැරදියට තේරුම් ගන්න එපා, මේක මාරම Smart Marketing Move එකක්. මේ නිසා තමයි අදටත් නත්තල ලෝකේ ජනප්‍රියම උත්සවය වෙලා තියෙන්නේ.
03. The Ships that Brought the Snow (හිම ගෙනාපු නැව්)
දැන් ප්‍රශ්නේ මේකයි. Winter Survival Festival එකක් කොහොමද ලංකාව වගේ රස්නේ රටකට ආවේ?
Simple. උත්තරේ තමයි Colonization (විජිතකරණය).
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කට්ටිය නැව් වල නැගලා ලංකාවට එද්දී, එයාලා නිකන්ම තුවක්කු විතරක් නෙවෙයි ගෙනාවේ. එයාලා එයාලගේ "Cultural Calendar" එකත් අරන් ආවා.
මේ සුද්දන්ට දෙසැම්බර් කියන්නේ සීතල මාසයක්. එයාලගේ ඇඟට පුරුදු වෙලා තිබුණේ දෙසැම්බර් වලට රෝස්ට් බීෆ් කන්න, පුඩිං කන්න, බර අඳුම් අඳින්න. ඉතින් ලංකාවට ආවම, මෙහේ රස්නේ තිබුණත්, එයාලා ඒ පුරුද්ද අත ඇරියේ නෑ. එයාලා මේ Tropical Island එකේ ඉඳගෙනත්, යුරෝපේ විදියට ජීවත් වෙන්න හැදුවා.
අපි මොකද කළේ? අපි කළේ සුද්දා කරන දේ දිහා බලන් ඉඳලා, "ආ.. මේක තමයි Class එක කියන්නේ" කියලා හිතලා ඒක අපේ කරගත්ත එක.
හැබැයි Biologically ගත්තොත්? අපිට මේකෙන් වැඩක් නෑ.
Science වල තියෙනවා SAD (Seasonal Affective Disorder) කියලා ලෙඩක්. ඉර එළිය නැති කාලෙට යුරෝපේ මිනිස්සුන්ට හැදෙන Depression එකක් මේක. ඒකෙන් බේරෙන්න එයාලට නත්තල ඕන. හැබැයි ලංකාවේ අපිට? අපිට SAD හැදෙන්නේ නෑ. මොකද අපිට දවස් 365 ම ඉර එළිය තියෙනවා. අපේ ඇඟට "Return of the Light" එක සමරන්න හේතුවක් නෑ.
04. The Thought Experiment
මම මගෙන්ම අහපු ප්‍රශ්නයක් තියෙනවා, ඔයාලත් මේක ගැන හිතන්න.
හෙට ඉඳන් ලෝකෙන් Christmas නැති වුණොත්, අපිට ගානක්වත් යයිද?
එංගලන්තේ හරි කැනඩාවේ හරි මනුස්සයෙක්ගෙන් Christmas උදුරගත්තොත්, ඒ මිනිස්සුන්ට පිස්සු හැදෙයි. Science වලින්ම කියනවා, ඒ මිනිස්සුන්ට මේ කාලෙට Serotonin සහ Oxytocin හෝමෝන ඕන කියලා. ඒ අඳුරෙන් (Gloom) බේරෙන්න එයාලට Festival එකක් ඕනමයි. නැත්නම් එයාලා මානසිකව වැටෙනවා.
හැබැයි ලංකාවේ? Christmas නැති වුණා කියලා අපේ ජීවිතේට ලොකු බලපෑමක් වෙන්නේ නෑ. Shopping Mall එකේ සෙනඟ අඩුවෙයි. කේක් කඩවල වෙළඳාම අඩුවෙයි. එච්චරයි.
අපේ නියම Astronomical Festival එක තියෙන්නේ අප්‍රේල් මාසේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද.
අන්න එදාට තමයි ඉර හරියටම අපේ ඔලුව උඩට (Directly Overhead) එන්නේ. අන්න එදාට තමයි ගොවිතැන් ඉවර වෙලා අස්වැන්න ගෙදරට එන්නේ. අපේ රටේ පරිසරය (Nature) සහ අපේ ජීව විද්‍යාව (Biology) හරියටම Align වෙන්නේ අප්‍රේල් මාසෙට. ඒක තමයි අපේ "Real Party" එක.
05. The Conclusion
ඉතින් මේ ඔක්කොම හාරලා බැලුවට පස්සේ, මම නත්තල දිහා බලන විදිය වෙනස් වුණා.
මම දැන් TV එකේ වැටෙන හිම දැක්කම පුදුම වෙන්නේ නෑ. මට දැන් තේරෙනවා Christmas කියන්නේ "Cosmic Accident" එකක් කියලා. මේක පෘථිවියේ ඇලවීම (Tilt) ගැනයි, ඉස්සර මිනිස්සුන්ගේ බය ගැනයි, ඒ බය නැව් වල පටවගෙන අපේ රටට ගෙනාපු ඉතිහාසය ගැනයි කියවෙන කතාවක්.
අපිට නුවර ඉඳන් Yule Log එකක රස්නය විඳින්න ඕන නෑ. අපිට චිම්නි ඕනෙත් නෑ.
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි මිනිස්සු. We are Social Animals.
Science එක මොනවා කිව්වත්, History එක මොනවා කිව්වත්, අපිට එකතු වෙන්න පොඩි හේතුවක් තිබුණම ඇති. අවුරුද්ද පුරාම වැඩ කරලා මහන්සි වෙලා, අන්තිම දවස් ටිකේ යාලුවෙක් එක්ක සෙට් වෙන්න, කේක් කෑල්ලක් කන්න, පවුලේ අයත් එක්ක හිනා වෙන්න පොඩි චාන්ස් එකක් ලැබෙනවා නම්, ඒක අතාරින්න ඕන නෑ.
ඉතින් Science එක අපේ Latitude එකට මැච් නොවුනට කමක් නෑ, Party එක Enjoy කරාට පව් නෑ.
හැබැයි මගෙන් නම් Wool Sweater අඳින්න බලාපොරොත්තු වෙන්න එපා. මේ රස්නේ හැටියට ඒක අඳින්න වෙන්නේ ඇඟේ හම ගලවලා තමයි.